පසුගියදා ඇමරිකාව ගෙන ආ තාවකාලික සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරමින්, ඉරානය විසින් පාකිස්ථානය හරහා වොෂින්ටනය වෙත කරුණු 10කින් යුත් යෝජනාවලියක් (10-point plan) ඉදිරිපත් කර තිබේ. කලාපීය ගැටුම් ස්ථිරවම අවසන් කිරීම, ලෝක ඛනිජ තෙල් ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආර්ථික සම්බාධක ඉවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණු වී ඇත.
මෙවැනි භූ දේශපාලනික අර්බුද මතුපිටින් බලන විට Gold වැනි ආරක්ෂිත වත්කම් (Safe-haven) සඳහා ධනාත්මක (Bullish) ලෙස පෙනුණද, යථාර්ථය ඊට වඩා බොහෝ සංකීර්ණය. යුද්ධය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ ගොස් ලෝක උද්ධමනය ඉහළ යන විට, මහ බැංකු විසින් පොලී අනුපාත වේගයෙන් ඉහළ දමනු ලබයි. එවිට ඩොලරය ශක්තිමත් වී Gold වෙළඳපොළ අඛණ්ඩ පහත වැටීමකට (Bearish Trend) ලක් වීම සාමාන්‍ය තත්ත්වයකි.
වසර 10කට අධික කාලයක් මුල්‍ය වෙළඳපොළ අධ්‍යනය කිරීමේදී අප නිරන්තරයෙන් දකින මෙම සංකීර්ණ සාර්ව ආර්ථික තත්ත්වය, Forex, Crypto සහ Gold වෙළඳපොළ තුළ හැසිරෙන ආකාරය උසස් තාක්ෂණික න්‍යායන් (Advanced Technical Theories) ඔස්සේ විශ්ලේෂණය කරන්නේ මෙසේය:
1. Elliott Wave න්‍යාය සහ තරංග රටා
වෙළඳපොළේ මිල හැසිරීම් සහ ආයෝජකයින්ගේ මනෝවිද්‍යාව කියවීම සඳහා අප නිතරම භාවිතා කරන සහ උගන්වන ප්‍රධානතම මෙවලමක් වන්නේ Elliott Wave න්‍යායයි. මෙවැනි යුධමය පුවත් මගින් වෙළඳපොළේ ප්‍රබල Impulsive Waves (වේගවත් චලනයන්) නිර්මාණය වුවත්, ඉන් අනතුරුව එන පොලී අනුපාත ඉහළ යාමේ ආර්ථික පීඩනයත් සමග එම ගමන සංකීර්ණ Corrective Waves (පැහැදිලි ABC හෝ WXY රටාවන්) බවට පරිවර්තනය වේ. මෙම තරංග රටා නිවැරදිව හඳුනා ගැනීම මගින් වෙළඳපොළේ මීළඟ දිශානතිය සහ මෙවැනි කඩාවැටීම් වල අවසානය කලින්ම හඳුනාගත හැක.
2. Wyckoff Theory ඔස්සේ වෙළඳපොළ චක්‍ර කියවීම
යුධමය පුවත් හමුවේ සාමාන්‍ය ආයෝජකයින් බියෙන් (Panic) වෙළඳපොළට ඇතුළු වෙද්දී, මහා පරිමාණ ආයතන (Institutions) ඉතා සූක්ෂ්මව ක්‍රියාත්මක වේ. උද්ධමන පීඩනය හමුවේ රන් මිල දිගුකාලීනව පහත වැටීමට පෙර, ඉහළ මිල ගණන් වලදී Wyckoff න්‍යායේ දැක්වෙන Distribution Phase (බෙදා හැරීමේ අවධිය) එකක් චාට් එක මත පැහැදිලිව නිර්මාණය වේ. Smart Money විසින් තම වත්කම් ඉහළ මිලට Retail Traders ලාට විකුණා දමන්නේ (Distribution) මෙම අවධිය තුළදීය.
3. Smart Money Concepts (SMC) සහ ද්‍රවශීලතාවය
සාමාන්‍ය වෙළෙන්දන් (Retail Traders) ප්‍රවෘත්ති මත පමණක් පදනම්ව Stop Loss යොදාගනිමින් Trade කරද්දී, Smart Money විසින් එම Stop Loss ඉලක්ක කරගනිමින් Liquidity Grabs (ද්‍රවශීලතාවය ලබා ගැනීම) සිදු කරයි. ඉරාන ප්‍රවෘත්තියත් සමග ඇතිවූ හදිසි මිල ඉහළ යාම් බොහෝ විට මෙවැනි Liquidity රැස් කරගැනීම් විය හැක. ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් ලබා ගත් පසු, ඔවුන් පැහැදිලි Order Blocks සහ Fair Value Gaps (FVG) නිර්මාණය කරමින් වෙළඳපොළ Bearish Order Flow එකකට (පහළට) රැගෙන යයි.
4. Volume Analysis හරහා තහවුරු කර ගැනීම
වෙළඳපොළේ සිදුවන මෙම Wyckoff රටා සහ SMC මෙහෙයුම් හුදෙක් අනුමානයන් පමණක් නොවන බව තහවුරු කරගැනීමට Volume එක අතිශයින්ම උපකාරී වේ. ප්‍රවෘත්තිය නිකුත් වීමත් සමග ඉහළ යන මිලට සාපේක්ෂව අඩු Volume එකක් පවතී නම්, එයින් ගම්‍ය වන්නේ Smart Money (මහා පරිමාණ ආයෝජකයින්) එම ඉහළ යාමට සහය නොදක්වන බවයි. නමුත් ඉහත කී Distribution Phase එකකදී ඉහළ Volume එකක් සහිතව සිදුවන කඩා වැටීම් (Bearish Candles) මගින් පැහැදිලි Institutional විකුණුම් පීඩනය සනාථ කරයි.
සාර්ථක Trader කෙනෙකු වීමට නම් පුවත් වල මතුපිට අර්ථයට (Fundamentals) වඩා, ඒ පිටුපස ඇති Smart Money හැසිරීම් සහ මානසිකත්වය කියවීමට හැකි විය යුතුය. ඒ සඳහා ඉහත කී න්‍යායන් සියල්ලම එකට එකතු කර ගනිමින් වෙළඳපොළ කියවීම අත්‍යවශ්‍ය වේ.
Forex, Crypto සහ Gold වෙළඳපොළවල් තුළ මෙම උසස් න්‍යායන් ප්‍රායෝගිකව භාවිතා කරමින් ස්ථාවර ලාභයක් ලබන ආකාරය ගැන වැඩිදුරටත් ඉගෙන ගැනීමට සහ එදිනෙදා Market Updates, Signals ලබා ගැනීමට SRFXGlobal සමඟ එක්වන්න.
ඉවසීමෙන් හරි තැනින් Trade ඒකට Enter වෙන්න. ඔබ සැමට ජය වේවා!